අ/ කුඩා නෙළුබෑව ගැමුණු මහා විද්‍යාලය (ජාතික පාසල)

පාසලේ ඉතිහාසය

School House Meet - 2025

461786581_1825602051299035_6549156037360538082_n.jpg
461786581_1825602051299035_6549156037360538082_n.jpg

අ /කුඩානෙළුබෑව ශ්‍රී පද්මගිරි විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ආරම්භ වු අතර අලිඛිත සාක්ෂි මත 1948 සිට 1952 දක්වා විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා සිප් සතරදායාද කළ බව කියවේ. 1952 මැයි මස 12 වන දින කුඩානෙළුබෑව නගරය ආසන්නයේ නිජ බිම කරගනිමින් ලිඛිත සාක්ෂි මත විදු මව් ජනිත වී ඇත.                 

ආරම්භයේ වට ආවරණය නොවු පොල් අතු සෙවිලි කළ වහලක් යට එම්.පී. පියසේන මුල් ගුරුතුමාගේ නායකත්වයෙන් ආර්.එම්. පොඩිමැණිකේ ගුරු මාතාවගෙන් අකුරු හදාරන්නට ළමුන් 12 දෙනෙකු පැමිණ සිටියහ. ක්‍රමයෙන් දියුණුවට පා තැබු විදු මවු 1954 වන විට ලෑලි ආවරණය සහිත ක්‍රමවත් ශාලාවක් තුල ළමුන් 56 ක් අධ්‍යාපනය හදාර ඇත.

1980 වන විට දශක තුනක පෝෂණය ලබමින් මහා විද්‍යාලයක් බවට පරිවර්ථනය වීම පැසසීය යුතුය. 1985 වර්ෂයේ නවෝද්‍යා ව්‍යාපෘතියට ඇතුලත් විමෙන් අනතුරුව සීඝ භෞතික හා මානව දියුණුවකට පාත්‍ර වීමෙන් විද්‍යාලය සංවර්ධිත තත්ත්වයකට පත් විය. අංග සම්පුර්ණ විද්‍යාගාර, පරිගණක ඒකකය, පුස්තකාලය, තෙමහල් පංති කාමරය, ක්‍රියාකාරකම් කාමර ඊට කදිම නිදසුන්ය

90 දශකය වන විට ගුරු මණ්ඩලය 40 ඉක්ම වු අතර ළමුන් 500 ඉක්මවීම සංවර්ධනය තහවුරු කරන්නකි. 2003 වර්ෂයේ දිවයිනේ නවෝද්‍යා පාසල් 22 අතරට පත්වීම විදු මෑණියන් ලැබු ජයග්‍රහණයකි. එමෙන්ම උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවත්වන ලද හොඳම පාසල තේරිමේ තරගයෙන් කලාප මට්ටමේ හොඳම පාසල බවට පත්විය.

නවෝද්‍යා ව්‍යාපෘතියට අයත් 1c පාසලක් වන අප පාසල වසරින් වසර වේගවත් සංවර්ධනයකට ඉඩ හසර ලබා ගනිමින් වර්ථමානය වන විට විදුහල්පතිවරුන් 15 දෙනෙකුගේ පහස ලැබිමට භාග්‍ය හිමිකරගෙන ඇත. 2012 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය හා DFCC බැංකුව එක්ව පවත්වන ලද සමස්ත ලංකා ඵලදායි පාසල තේරිමේ තරගයෙන් විශිෂ්ට සම්මානය දිනා ගැනිමට සමත් වීම ස්වර්ණමය අවස්ථාවකි.

ක්‍රිඩා, භාෂා හා කථික තරග ආදි විවිධ වු විෂය හා විෂය සමගාමි කටයුතු වලින් සමස්ත ලංකා ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් දිනා ගැනීමට අද වන විට පාසල සමත්ව ඇත. වයස අවුරුදු 13 න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පාසල නියෝජනය කිරීම මහත් ගෞරවයකි.

2021 වර්ෂය ආරම්භ වන විට පාසල ස්වර්ණමය අවධියකට පා තබා ඇති අතර ගොඩනැඟිලි 14ක බර සැහැල්ලුවෙන් දරා සිටි. ගුරු මණ්ඩලය 66 දක්වා වර්ධනය වී ඇති අතර ළමුන් දහස ඉක්මවා ඇත. ඒ වගේම සමාන්තර පංති 2ක්ව පැවති සීමාව සමාන්තර පංති 3 දක්වා ද 2021 වර්ෂයේ පළමු ශ්‍රේණියේ ඇතුලත්වීම් ඉහළයාම පාසල් ප්‍රජාව තුල විදු මව්ගේ ජනප්‍රිය භාවය මැනවින් විද්‍යාපාන්නකි.     


2022 වර්ෂයේ අවසානයේ අප පාසලේ ගුරු මණ්ඩලය 70 කි.  ශීෂ්‍ය සංඛයාව 1329 කි. ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය පිහිටවීම නව පාසල් ගේට්ටුව, පාසල් නාමපුවරුව ස්ථාපනය පිවිසුම් මාර්ගය සැකසීම ආදිය නිසා පාසලට නව ජවයක් දැක්ම හා මෙහෙවර කරා ළගාවීමට හැකියාවක් උදාකරදි ඇත.

 

“රට හදන සෞභාගයේ” දැක්ම රජය ප්‍රතිපත්තියේහි පාසල් අධ්‍යාපනයේ නවෝදය යටතේ ජාතික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකීය සියලු දරුවන්ට ගුණාත්මක සම-සාධාරණ අධ්‍යාපන අවස්ථා හා පහසුකම් සැපයීමේ අරමුණින් අවැසි භෞතික හා මානව සම්පත් හා යුතුකම් වලින් සමන්විත පාසල් භුමි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරාගැනීමේදි මෙම විද්‍යාලයේ 2021 වර්ෂයේ සිට ජාතික පාසලක් බවට පත් කරමින් සංවර්ධනය කරමින් පවති.

 

වර්තමාන විදුහල්පති ලෙස W.M. ප්‍රියශාන්ත මහතා කටයුතු කරන අතර නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලෙස එ.එම්.එන්. ජයරත්න මයා , කේ.එම්.සී. චන්ද්‍රරත්න මයා , ඩබ්.එම්.අයි. මධුභාෂිනි මිය ,  ඩී.ජී.එන්.එල්.දෙනියගේ මිය සහ එච්.එම්.එස්.ඩි. වන්නිනායක මිය කටයුතු කරන අතර ප්‍රාථමික අංශ නියෝජනය කරමින් එ.එම්.එන්.ජයරත්න මයා සහභාගීත්ව කළමනාකරණ ක්‍රියාවලිය අනුගමනය කරමින් පාසල තව තවත් සංවර්ධනය කරා මෙහෙයවති.

ආරම්භ කළ වර්ෂය

1952 මැයි 12

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

12

මුල් ගුරුතුමාගේ නම

එම්. පි. පියසේන මහතා

පාසලේ ආදි කතෘගේ නම

එම්. පි.පියසේන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

 අ/ කුඩා නෙළුබෑව ගැමුණු මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

 

පාසල පැවැත්වූ ස්ථානය

ශ්‍රී පද්මගිරි විහාරස්ථානය

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඕ.එල්.විමලපාල

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ආර්.එම්. විමලාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940 දෙසැම්බර් 10 දින